
වීරියගම මළගමක් කළ මවට සහ පුතුට අත්වූ ඛේදජනක ඉරණම
සූරියවැව, වීරියගම ප්රදේශයේදී විදුලි සැර වැදීමෙන් කාන්තාවක සහ ඇයගේ පස් හැවිරිදි පුත්රයා මියගොස් තිබෙනවා.
නිවස පිටුපස ප්රදේශයේ ඉදිකර තිබූ පාන් බේකරියකට අදාළව එහි ආරක්ෂාවට සහ එම ස්ථානයේ නවතා තිබූ කුඩා ලොරි රථයේ ආරක්ෂාවට යොදා තිබූ විදුලි කම්බියක, පෙර පාසල් ගොස් පැමිණ නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවා කුඩා පාපැදියක්ද රැගෙන එම ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී ඇද තිබූ විදුලි කම්බියේ විදුලිය විසන්ධි කර නොතිබුණු බව නොදත් දරුවා එහි පැටලී විදුලි සැර වැදීමකට ලක්ව තිබෙනවා.
කෙසේවෙතත් පසුව දරුවා පිළිබඳව සොයා බැලීමකදී වැටී සිටි දරුවා දැක ඇති මව කෑ ගසමින් දරුවා අල්ලා ඉවත් කිරීමට උත්සාහ දරා ඇති බව සඳහන්.
එහිදී මවට ද විදුලිසැර වැදී ඇති අතර ඇය එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
38 හැවිරිදි වියේ පසුවන එම මියගිය කාන්තාව දරුවන් සිව් දෙනෙකුගේ මවක වන අතර ඉන් එක් දරුවකුට මාස හතරක පමණ වයසේ පසුවන බවයි වාර්තා වන්නේ.
සූරියවැව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.