
වෙඩිතලතිව් රක්ෂිතයෙන් කොටසක් ඉවත් කළ පවිත්‍රාගේ ගැසට්ටුව නව කැබිනට් මණ්ඩලය අහෝසි කරලා
විල්පත්තුව රක්ෂිතය ආසන්නයේ පිහිටි වෙඩිතලතිව් රක්ෂිත කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා ලබා දෙමින් මායිම් සංශෝධනය කරමින් 2024 මැයි 06 වැනිදා වනජීවී ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය නිකුත් කළ අංක 23/83/05 දරණ ගැසට් පත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව නීතිපතිවරයා අද(29) ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.
වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයක් ලෙස හෙක්ටයාර 29,180 භුමියක් 2016 දී ගැසට් කර ඇති අතර එකී භූමියෙන් හෙක්ටයාර 168.5 ක කොටසක් ස්වභාවික රක්ෂිත භාවයෙන් ඉවත් කරමින් 2024 මැයි 06 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ එකී ගැසට් පත්‍රය නිකුත් කිරිමෙන් මුලික අයිතිවාසිකම් කඩ වන බව පෙන්වා දෙමින්.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු තවත් පරිසර සංවිධාන දෙකක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.
මෙම පෙත්තම විභාගයට ගැණුනේ එස්.තුරෙයිරජා, ප්‍රියන්ත ප්‍රනාන්දු ,යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.
වෙඩිතලතීව් රක්ෂිතයේ සැලකිය යුතු ප්‍රමාණයක් රක්ෂිතභාවයෙන් ඉවත් කරමින් නිකුත් කළ එකී ගැසට් නිවේදනය මගින් විශාල පාරිසරික හානියක් සිදුවන බවත්, ජලජ ජීවීන්ගේ සුරක්ෂිත භාවයට මෙන්ම අවට පරිසරයේ සමතුලිතතාවයට ද දැඩි හානියක් සිදුවන බවත් එම පෙත්සම් තුළින් පෙන්වා දී තිබුණා.
විෂය භාර අමාත්‍යවරිය එකම රක්ෂිත කලාපය රක්ෂිතභාවයෙන් ඉවත් ඉවත් කර ඇත්තේ ඒ සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ගවත් අනුගමනය නොකිරීමෙන් බවත්, එහි විද්‍යාත්මක වාර්තා කැඳවා නැති බවත් පෙත්තම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නා.
දැනටමත් රක්ෂියක් ලෙස නම්කර ඇති කලාපයක් රක්ෂිත භාවයෙන් ඉවත් කරන්නේ නම් සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ දෙවන හා පස්වන වගන්ති යටතේ ගතයුතු ක්‍රියාමාර්ග කිසිවක්ද අනුගමනය කර නැති බව ද අධිකරණයට නීතිඥයින් පෙන්වා දුන්නා.
වනජීවී අමාත්‍යය පවිත්‍රා වන්නිආරච්චි, පරිසර අමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපතිවරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුලු පාර්ශ්වයන් 10ක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.
නව ගැසට් පත්‍රයක් ප්‍රකාශ කරන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය සලකා බැලීමට නඩුව නැවත ඔක්කොම 10 වැනිදා කැඳවීමට නියමිතයි.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියා.
