වෙන්නප්පුව පුද්ගල ඝාතනයේ සැකකරුවන් තිදෙනාම අත්අඩංගුවට

වෙන්නප්පුව පුද්ගල ඝාතනයේ සැකකරුවන් තිදෙනාම අත්අඩංගුවට

වෙන්නප්පුව පොලිස් වසමේ වැවපාර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනතුරට ලක්කර තියුණු ආයුධවලින් පහරදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණේ ඊයේ දිනයේයි.

අදාළ අපරාධය සිදුකොට පලා යමින් සිටි එක් සැකකරුවෙකු වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගත් අතර පොලිසිය ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඊට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

අදාළ සැකකරුවන් වයස අවුරුදු 26 හා 29 යන වයස්වල පසුවන වෙන්නප්පුව ප්‍රදේශයේම පදිංචිකරුවන්.

Share This