
වෙළදපළේ පොල් තෙල් සාම්පල 70 ක් පරීක්ෂාවකින් 22 ක් කළවම් කරලා
දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සිදු කරන ලද පොල්තෙල් සාම්පල පරීක්ෂාවකදී 70 කින් 22ක කවලම් කළ පොල් තෙල් ඇති බවට අනාවරණ වූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කළේ අදාළ වෙළඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
කවලම් කරන ලද පොල්තෙල් අලෙවිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජය තුළ දැඩි කතාබහක් උද්ගතවී තිබුණා.
ඒ අනුව දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
මේ අතර, පොල් තෙල් ඇතුළු පිසීමට භාවිත කරන තෙල් වර්ග ඇසුරුම් කර විකිණීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පොල් සංවර්ධන අධිකාරිය වෙත ඊයේ ලිපියක් භාරදුන්නා.
