වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ සුළු වර්ධනයක්

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ සුළු වර්ධනයක්

2024 පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ සුළු වර්ධනයක් පෙන්නුම් කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් වූ අතර, එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 0.17%ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම 2024 පෙබරවාරි මාසයේ අපනයන කාර්යසාධනය, 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% කින් වැඩි වී ඇති බව සඳහන්.

2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව, කෘෂිකාර්මික අපනයන 11.82%ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර, අමෙරිකානු ඩොලර් මිලියන 255.76 දක්වා ළඟා වී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වාදෙන්නේ.

Share This