
වේගපන්දු ප්‍රබලයාට ඉදිරි තරග අහිමි වෙයි
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංකට ආබාධයකට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන ඉදිරි තරග අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අතරතුර ඔහුගේ පාදය ආබාධයකට ලක්වූ අතර ආබාධ තත්ත්වය සුව අතට පත් නොවීම හේතුවෙන් ඩිල්ෂාන් මධුෂංක තෙවන තරගයට සහභාගී නොවන බවයි සඳහන් වන්නේ.
දෙරට අතර තීරණාත්මක අවසන් එක්දින තරගය හෙට (18) පැවැත්වීමට නියමිතයි.
