
ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ ජුලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ , අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන කොළඹ කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂන කැකුණවල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත්කිරීමට නියෝග කර තිබෙනවා.
දූෂණ චෝදනා ත්රිත්වයක් සම්බන්ධයෙන් සිදුකරගෙනු යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළා.
ඒ අනුව ඔහුට එල්ල වී ඇති චෝදනා ත්රිත්වය වන්නේ,
(01.) 2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4512ක් පාඩුවක් සිදු කිරීම.
(02.) 2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩුවක් සිදු කිරීම.
(03) 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000 වියදම් කිරීම.