
ශ්රී ලංකා-ඇෆ්ගනිස්ථාන පළමු විස්සයි විස්සේ ප්රවේශපත්ර අවසන්
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දඹුල්ලේ පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්රිකට් තරගයේ ප්රවේශපත්ර සියල්ල මේ වන විට අලෙවි කර අවසන් වී තිබෙනවා.
ප්රවීණ ක්රිකට් විචාරාක රොෂාන් අබේසිංහ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තරගය නැරඹීම සඳහා ප්රවේශපත්ර ගැනීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසයි.
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු විස්සයි විස්ස ක්රිකට් තරගය ලබන 17 වනදා පැවැත්වීමට නියමිතයි.
