
ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 212ක් ඉදිරියෙන් – මැතිව්ස් සහ චන්දිමාල්ගෙන් ශතක
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 410ක් ලබා ගත්තා
එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141ක් ලබා ගත් අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් ලබා ගැනීමට සමත් වුණා
එමෙන්ම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 198ක් පමණයි
ටෙස්ට් තරගයේ තුන්වන දිනය හෙට පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි
