
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 209ක ඉලක්කයක්
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (08) පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 44.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 208ක් ලබා ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවන ඉලක්කය ලකුණු 209ක්
එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නායක Craig Ervine ලකුණු 82ක් ලබා ගත්තා
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් දවාගත් අතර දුෂ්මන්ත සමීර සහ Jeffrey Vandersay කඩුලු 02 බැගින් දවාගත්තා
