
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාර්ය මණ්ඩලයට මුදල් ත්‍යාග පිරිනමයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආසියානු කුසලාන තරගාවලියේදී පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් 50,000 ක මුදල කොළඹ ආර් ප්‍රේමදාස ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කාර්ය මණ්ඩලය වෙත බෙදාදී තිබෙනවා.
ඒ අනුව, 2023 ආසියානු කුසලාන තරගාවලියේදී සේවය කළ ස්ථිර සහ කොන්ත්‍රාත් සේවකයින් කොළඹ ආර් ප්‍රේමදාස ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ භූමි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 138 දෙනෙකුගේ කැපවීම වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමා ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ භූමි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 115 දෙනෙකුට හෙට(08) ඔවුන්ගේ ත්‍යාග ලබාදීමට නියමිතයි.
