ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් SLCය අදහස් විමසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් SLCය අදහස් විමසයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණි බව වාර්තා වනවා.

ඊයේ (16) ඔවුන් මෙලෙස ක්‍රිකට් ආයතනය වෙත පැමිණ ඇති බව සඳහන්.

අදාළ සාකච්ඡාව සඳහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් සහ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහභාගී වී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින්ට ඇති ගැටලු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි සැලසුම් සඳහා ක්‍රීඩකයින්ගේ අදහස් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share This