ශ්‍රී ලංකා ක්‍රිකට් නව වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක

ශ්‍රී ලංකා ක්‍රිකට් නව වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක මහතා පත් කර තිබෙනවා

තුන්වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන ඔහු 2008 සිට 2015 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

එමෙන්ම ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග මහතා පත් කර තිබෙනවා.

මීට අමතරව භෞත චිකිත්සක ලෙස පත්කර ඇත්තේ ජොනතන් පෝටර් – මහතායි.

මෙම පත් කිරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අනුමත කර ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් පැවසුවේ

 

 

Share This