ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි තරගයෙන් නවසීලන්තයට ජය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි තරගයෙන් නවසීලන්තයට ජය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 106ක් ලබාගත්තා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

Share This