ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (24) සමත් වුණා.

ඒ චීනයේ Hangzhou ක්‍රීඩාංගනයේ පැවති තරගයේදී පාකිස්ථාන කාන්තා කණ්ඩායම පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 06ක ජයක් හිමිකරගැනීමත් සමගයි

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 75ක් පමණයි

අනතුරුව ලකුණු 76ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 03ක් අවසානයේ කඩුලු 04ක් දැවී ජය වාර්තා කළා

ඒ අනුව හෙට (25) පැවැත්වෙන අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියාව සමග තරග වැදීමට නියමිතයි

තරගයේ ලකුණු සටහන පහතින්

Share This