ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(24) තුන්වැනි දිනටත් සිලෙට්හීදී පැවැත්වෙනවා.

දෙවැනි දිනය සදහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 119ක්.

සත්කාරක බංග්ලාදේශය පළමු ඉනිමට වඩා ලකුණූ 92ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 64කදීයි.

බංග්ලාදේශය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 188 ක් රැස් කළා.

Share This