ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් නව ජාතික වාර්තා ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් නව ජාතික වාර්තා ත්‍රිත්වයක්

මෙවර පැවති 58 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රිඩා ශුරතාවලියේ නව ජාතික වාර්තා 3 ක් පිහිටුවීමට මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන් සමත් වී තිබෙනවා.

ඊයේ (30) දියගම ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ පැවති මිටර් දස දහස කාන්තා ඇවිදිමේ තරගයේ ශ්‍රී ලංකා කාන්තා බළකායේ ලාන්ස් කෝප්‍රල් මදිරිකා විසින් විනාඩි 49 තප්පර 25 දශම 97 කින් තරගය නිම කරමින් ජාතික වාර්තාවක් පිහිටවනු ලැබුවා.

එමෙන්ම එම තරග ඉසව්වේම පිරිමි අංශයෙහි ජාතික වාර්තාව පිහිටවනු ලැබුවේ ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු විසිනුයි.

ඒ සඳහා ඔහු ගත කළ කාලය විවාඩි 45 තප්පර 12 දශම 22 ක්.

මීට අමතරව රිටි පැනිමේ පිරිමේ ඉසව්වෙන් යුද්ධ හමුදා සේවා බළකායේ ලාන්ස් කොප්‍රල් ජනිත් විසින් මිටර් 5 දශම 16 ක උසක් සටහන් කරගනිමින් එහි නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

Share This