ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවක හටගත් ගින්න (VIDEO)

ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවක හටගත් ගින්න (VIDEO)

ඉන්දියාවේ ගෝවේ හි සිට නාවික සැතපුම් 120ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ යාත්‍රාව ගුජරාට් ප්‍රාන්තයේ මුන්ද්‍රා වරායේ සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් තිබියදී මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

නෞකාවේ ඉදිරිපස කොටසේ පිපිරීම් සමග ගිනි ගැනීම් වාර්තා වී ඇති අතර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ පාරිසරික ව්‍යසනයක් වළක්වා ගැනීමට සහ යාත්‍රාවේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගිනි නිවීමේ උත්සාහයන් ක්‍රියාත්මක වූ බවයි.

කාර්වාර් සිට නාවික සැතපුම් 50 ක් පමණ දුරින් නෞනාවක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බවට MV Maersk Frankfurt වෙතින් ආපදා ඇමතුමක් ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අදාළ නෞකාව ආපදාවට ලක්ව ඇති නෞකාව වෙත ආපසු හරවා යැවීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට අමතරව ගිනි ගැනීමට ලක්ව ඇති යාත්‍රාව සම්බන්ධයෙන් ගුවනින් තොරතුරු සොයා බැලීම සඳහා යානයක් යොදවා තිබූ අතර ඒ අනුව නෞකාවේ ඉදිරිපස කොටසේ පිපිරීම් සිදුවෙමින් පවතින බවට වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් රළු මුහුද සහ අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ ගිනි නිවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

මීට අමතරව ගිනි නිවීමේ ප්‍රයත්නයන්ට සහය දැක්වීමේ අරමුණින් CG නෞකා දෙකක් ගෝවේ සිට පිටත් කර යවා තිබුණා.

කෙසේවෙතත් ගින්න නිවීමට බලධාරීන් කටයුතු කර ඇති අතර අදාළ වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This