ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ
චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ මහජන චීන මහජන ශාලාවේදී සිදුවුණා.
ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් පැවති උත්සවකයකින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගත් අතර පසුව රාජ්‍ය නායකයින් දෙපළ සුහද කතාබහකින් අනතුරුව ද්වීපාර්ශ්වික සකච්ඡා ආරම්භ කර තිබෙනවා.
සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට සුදානම් බවයි එහිදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාවය ද සිහිපත් කළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉදිරියට ද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කර තිබෙනවා.
රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සමාජයීය හා කර්මාන්ත යන ක්ෂේත්රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.