ශ්‍රී ලංකාවට ලැබුණු විශිෂ්ට ජය

ශ්‍රී ලංකාවට ලැබුණු විශිෂ්ට ජය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ලකුණු 175කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ඔවුන් ලකුණු 355ක් ලබාගත්තා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල් පිතිකරුවන් සිව්දෙනා වන පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම අර්ධ ශතක වාර්තා කිරීම විශේෂත්වයක් වනවා.

ලකුණු 356ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා.

Share This