
ශ්‍රී ලංකාවෙන් පළමු වරට ‘Mephedrone’ මත්ද්‍රව්‍ය සොයා ගැනේ
සැප්තැම්බර් 22 වන දින වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ටා ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, ‘Mephedrone’ මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී තිබෙනවා
දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ මෙම මත්ද්‍රව්‍යය අයිස් වැනි අනෙකුත් මත්ද්‍රව්‍යවලට වඩා භයානක බවයි
මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පළමු වරට හමුවූ බවද අනාවරණය වී තිබෙනවා
