ශ්‍රී ලංකාවෙන් ශක්තිමත් අයවැයක් බලාපොරොත්තු වන IMF

ශ්‍රී ලංකාවෙන් ශක්තිමත් අයවැයක් බලාපොරොත්තු වන IMF

ශක්තිමත් සහ අවම අයවැය පරතරයක් සහිත අයවැයක් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ නියෝජිත පිරිසේ ප්‍රධානී Peter Breuer මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

රජයේ ආදායම් සහ වියදම් පරතරය පියවා ගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාව සුදුසු ක්‍රමවේදයක් සොයමින් සිටින අතර විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස අඩුවීම සහ වෙනත් කරුණු හේතුවෙන් සිය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට පසුගිය වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් බවයි ඔහු පෙන්වාදෙන්නේ.

පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම හේතුවෙන් මෙරට ආර්ථිකය යම් ආකාරයකට ස්ථාවර වී ඇති බව විචාරකයින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම උද්ධමනය අඩුවී ඇති අතර සංචිත ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව සඳහන්.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව මෙතෙක් රාජ්‍ය ආදායම අපේක්ෂිත මට්ටම දක්වා වර්ධනය කර ගැනීමට සමත් වී නොමැති බව පෙන්වාදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ මෙම වසරේදී 15%ක පමණ අඩුවක් වාර්තා කිරීමට ඉඩ ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබන වසරේ සිදු කිරීමට නියමිත සමාලෝචනය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබන වසරේ රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය කරගත යුතු වනවා.

Share This