ශ්‍රී ලංකාවේ IMF එකඟතා ගැන ක්‍රිස්ටලීනා ජෝර්ජිවාගෙන් ට්විටර් සටහනක්

ශ්‍රී ලංකාවේ IMF එකඟතා ගැන ක්‍රිස්ටලීනා ජෝර්ජිවාගෙන් ට්විටර් සටහනක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතාව අනුමැතිය ලබා ගැනීම සඳහා ලබන 20 වනදා විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව එහි කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී සහ තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් තම ප්‍රශංසාව පළ කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව සෙසු පාර්ශ්වයන්ගෙන් ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇති බව සඳහන්.

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් ණය හිමියන්ගේ සහය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති අතර ශ්‍රී ලංකාවේ බලධාරීන් අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කරගෙන යාමට අවස්ථාවක් හිමිවනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබෙනවා.

Share This