ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක්
ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු වූ අතර රුසියානු ජනරජය ඒ සඳහා මුල්‍ය ආධාර සපයා තිබෙනවා.
කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික මූලික අධ්‍යාපන ආයතනය එක් ව පර්යේෂණ සිදු කර තිබුණා.
එම පර්යේෂණයන්හි අවසන් වාර්තා හතරට අමතරව රුසියානු සහ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් සකස් කළ ක්‍රියාකාරි වාර්තාවේ අවසන් වාර්තාව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට බාරදීම මෙහිදී සිදු වුණා.