ෂේන් වෝන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ෂේන් වෝන්ගේ මරණය ස්වභාවික හේතූන් මත සිදු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
ඊයේ (06) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල ෂේන් වෝන්ගේ පවුලේ සාමාජිකයින් වෙත දැනුම් දුන් බවයි තායිලන්ත ආරක්ෂක අංශ සඳහන් කළේ.
තායිලන්තයේ සංචාරක නිකේතනයක් තුළ මියගොස් සිටිය දී මෙම විශිෂ්ඨ පා දඟ පන්දු යවන්නාගේ සිරුර පසුගිය 04 වනදා සොයා ගැනුණා.
මේ වනවිට ෂේන් වෝන්ගේ මළ සිරුර සිය උපන් භූමියවන ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට කටයුතු සූදානම් කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෝන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ඕස්ට්‍රේලියානු රජය මේ වනවිටත් තීරණය කර අවසන්.