සටන් මෙහෙයුමක් අතරතුර යුක්‍රේන ගුවන් නියමුවන් 6ක් මරුට

සටන් මෙහෙයුමක් අතරතුර යුක්‍රේන ගුවන් නියමුවන් 6ක් මරුට

කෙර්සන් කලාපයේ පිහිටි රුසියානු හිතවාදී පක්ෂයක මැතිවරණ මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ වගකීම යුක්‍රේන කැරලිකාර කණ්ඩායමක් භාරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

රුසියානු සොල්දාදුවන් තිදෙනෙකු මිය ගිය බවයි එම කණ්ඩායම පවසා තිබෙන්නේ

එමෙන්ම රුසියාව බලය තහවුරු කරගත් ඩොනෙට්ස්ක් වෙත එල්ල වූ යුක්‍රේන ෂෙල් ප්‍රහාර හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මේ අතර බක්මුට් අසල සටන් මෙහෙයුමක් අතරතුර යුක්‍රේන ගුවන් නියමුවන් හය දෙනෙකු මිය ගිය බව හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා

Share This