සටන් විරාමය මැද ගාසා තීරයට ආහාර රැගෙන ට්‍රක් රථ 100කට වඩා පැමිණීමේ බලාපොරොත්තුවෙන්

සටන් විරාමය මැද ගාසා තීරයට ආහාර රැගෙන ට්‍රක් රථ 100කට වඩා පැමිණීමේ බලාපොරොත්තුවෙන්

තාවකාලික සටන් විරාමය ක්‍රියාත්මක වූ පසු ගාසා තීරයට ඇතුළු වීමට සූදානමින් සිටින ආහාර සැපයුම් ටොන් 1,300 ක් සමග ට්‍රක් රථ 100කට වඩා ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසනවා

ඊශ්‍රායලය සහ හමාස් අතර ගනුදෙනුව ආරම්භවීමෙන් පසු ගැටුමේ දින හතරක විරාමයක් දකිනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ .

හමාස් සංවිධානය පසුගිය මාසයේ ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු නිදහස් කරනු ඇති අතර පසුව පලස්තීන සිරකරුවන් කිහිප දෙනෙකු නිදහස් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සටන් විරාමයන් ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවටද ළඟා විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරනවා

Share This