සතොසේ බිත්තරයක් රු36යි – අවුරුදු වෙනුවෙන් තවත් සහන රාශියක්

සතොසේ බිත්තරයක් රු36යි – අවුරුදු වෙනුවෙන් තවත් සහන රාශියක්

අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් ආනයනික බිත්තරයක් රුපියල් 36කට ලබාගත හැකි බව ලංකා සතොස පවසනවා.

එමෙන්ම ආනයනික බිත්තරවලට අමතරව ලොකු ලූනු, රතු ලූනු, කඩල, අර්තාපල්, LSL කිරිපිටි, පාන් පිටි, සුදු කැකුළු සහල් සහ සෝයා මීට් යන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකද මිල අඩු කර ඇති බව සඳහන්.

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට සහන ලබාදීම අරමුණු කර ගනිමින් රුපියල් 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.

එම නිවේදනය පහතින්,

Share This