සදීර මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි

සදීර මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි

සදීර සමරවික්‍රම අයර්ලන්තයට එරෙහිව සිය සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කර තිබෙනවා.

ඒ, මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දීයි.

සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 104 ක් ලබාගත් අතර ඊට හතරේ පහර 11ක් ඇතුළත්.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල් සිය 14වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ද අද (17) සමත් වුණා.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළ අතර ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 591ක් රැස් කරගෙන සිටියා.

Share This