
සමගිය බලය පෙන්වයි
සමගි ජනබලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අද (11) පැවැත්වෙනවා.
අද පස්වරු 01ට බොරැල්ල කැම්බල් පිටියේදී පක්ෂ සම්මේලනය ආරම්භ වන බවයි එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ.
එළඹෙන පළාත් පාලන මැතිවරණයට පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ද මෙම සම්මේලනය මඟින් මනා සංවිධානයක් සිදු වන බවද මහ ලේකම්වරයා කියා සිටියා.
මීට අමතරව සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන මිත්ර පක්ෂ රැසක නායකයින්ද මේ සඳහා සහභාගිවීමට නියමිතයි.