සමරිසි නීතී මෙරට අපරාධ නීති පොතෙන් නොමැකෙයි

සමරිසි නීතී මෙරට අපරාධ නීති පොතෙන් නොමැකෙයි

සමලිංගිකත්වය දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බවට මෙරට පවතින නීතිමය තත්ත්වය අහෝසි කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හමුවූ අවස්ථාවේ ද තමන් මේ බව ප්‍රකාශ කළ බවයි.

එක්සත් ජාතීනගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගේ මෙරට සංචාරයේදී මානව හිමිකම් ක්‍ෂේත්‍රයට සම්බන්ධව පවතින මෙරට නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු වුණා.
එහිදී අධිකරණ අමාත්‍යවර‍යා සමඟ පැවති සාකච්ඡාවේදී ඊට අදාළ නීතිමය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු වී තිබෙනවා.

එහිදී සමලිංගිකත්වය මෙරට අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට වන වගන්තිය නීති පොතෙන් ඉවත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වොල්කර් ටර්ක් මහතා අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසා තිබෙනවා.

මේ අතර, අදාළ නීතිය ඉවත් කරන ලෙස මෙරට සමරිසි ප්‍රජාවට සම්බන්ධ සංවිධාන විසින් ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

පසුගිය ආණ්ඩුව සමයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඊට අදාළ කරුණු පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් වුවත් මේ වනවිට එය අහෝසි වී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

Share This