
සම්පත් මන්ම්පේරි දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර
අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි යන දෙදෙනා අද දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී උතුරු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සම්පත් මනම්පේරි යන අය දින 90 වක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ඉල්ලා සිටි අතර ඊට අධිකරණය අවසර ලබා දුන්නා.
අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී උප පොලිස් පරීක්ෂක ජූඩ් වන්නිආරච්චි මහතා කරුණු කියා සිටියේ මෙම නඩුවේ දෙවන සැකකරු වන සම්පත් මනම්පේරි යන අය මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය සමග සම්බන්ධ වෙමින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ක්‍රියාකර ඇති බවයි.
පසුගිය කාලය තුල ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අවි ආයුධ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවක් මොහු දැනුවත්ව තවත් අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය විශාල වශයෙන් තිබිය හැකි හෙයින් මොහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා මගින් ඉල්ලා ඇති දින 90 ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
සම්පත් මනම්පේරි වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ කණ්ඩායම කියා සිටියේ මොහුගේ ආරක්ෂාව සපයන ලෙසත් අවශ්‍ය විටෙකදී නීතිඥවරුන්ට ඥාතීන්ට දැකබලා ගැනීමට හැකිවන පරිදි නීති ප්‍රතිපාදන යටතේ රැඳවූ නියෝග ලබාදෙන ලෙසයි.
මෙම නඩුවේ පළමු විත්තිකරු වන පියල් මනම්පේරි නමැත්තා ඔක්තෝබර් මස 08 දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.