සම්ප්‍රේෂණ කුළුණුවල තඹ වයර් කැපූ අයෙක් අල්ලයි

සම්ප්‍රේෂණ කුළුණුවල තඹ වයර් කැපූ අයෙක් අල්ලයි

මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල හා ට්‍රාන්ස්ෆෝමර්වල තඹ වයර් කපා සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු සතුව තිබී සොරකම් කරන ලද වයර් අඩි 457ක් සහ වයර් උණුකර ලබාගත් තඹ කිලෝ 40ක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු විසින් මීරිගම, නාල්ල, දොම්පේ, අත්තනගල්ල, පල්ලෙවෙල, නිට්ටඹුව, ගම්පහ, සහ විරගුල පොලිස් වසම්වල පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල හා ට්‍රාන්ස්ෆෝමර්වල තඹ වයර් කපා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

Share This