සමීපතම රාජ්‍ය නායකයාගේ හෘදයාංගම සටහන – ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි

සමීපතම රාජ්‍ය නායකයාගේ හෘදයාංගම සටහන – ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි

සුළි කුණාටු තත්ත්වයෙන් විපතට පත් දුකට පත් අපගේ ආදරණීයයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි සිය කණ්ගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සිංහල, දමිළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම “X” පණිවුඩයක් තබමින්.

එම පණිවුඩයේ නරෙන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා මෙලෙස පවසා තිබෙනවා…
“දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තම ආදරණීයයන් අහිමි වූ ශ්‍රී ලංකාවේ ජනතාවට මාගේ හෘදයාංගම සංවේගය පළ කරමි.
විපතට පත් සියලු පවුල්වල සුරක්ෂිතභාවය, සුව පහසුව සඳහා මෙන්ම ඔවුන් කඩිනමින් යථා තත්ත්වයට පත් වේවායි ප්‍රාර්ථනා කරමි. “

අවසන් වශයෙන් අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි එමඟින් පවසන්නේ, තම සමීපතම සමුද්‍රීය අසල්වැසියා සමඟ ඉන්දියාව රැඳී සිටින බවයි.

Share This