සහල් මිල නොනැවතී ඉහළ නගී- කීරි සම්බා කිලෝවක් රු 200 යි

සහල් මිල නොනැවතී ඉහළ නගී- කීරි සම්බා කිලෝවක් රු 200 යි

මේ වනවිට වෙළෙඳපොළේ සහල් මිල බෙහෙවින් ඉහළ නඟිමින් තිබෙන බව පාරිභෝගික ජනතාව කියා සිටින බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණු අතර රජය සහල් සම්බන්ධයෙන් පැවැති පාලන මිල ඉවත් කර ගැනීමෙන් පසුව මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් රටට ඉදිරිපත් කළ මිල ගණන් දැන් අහලකවත් නැති බවද එම පුවත්පතේ සඳහන් වනවා

වෙළෙඳපොළේ මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 200ක් ඉක්මවන බවත් ,සම්බා සහල් කිලෝවක් රුපියල් 150ක් දක්වාද නාඩු වර්ගයේ සහල් කිලෝවක් රුපියල් 130ක් දක්වාද මිල ඉහළ ගොස් තිබෙන බවත් සඳහන්

සහල් තොග මිල ඉහළ දැමීම නිසා මේ අන්දමට සහල් සිල්ලර මිල ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසන අතර ,බොහෝවිට ඕනෑම වර්ගයක සහල් කිලෝවක තොග මිල සහ සිල්ලර මිල අතර පවතිනුයේ රුපියල් 05ක පරතරයක් බවයි, සහල් සිල්ලර වෙළෙඳුන් ප්‍රකාශ කරන්නේ

මේ අතර මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිනෙන් දින මිල ගණන් ඉහළ දමමින් තරගකාරී පදනමට වී මිලදී ගැනීම හේතුවෙන් සහල් මිල ඉහළයෑමට පටන්ගෙන ඇතැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා ප්‍රකාශ කරනවා

මේ වන විට නාඩු වී කිලෝවක් රුපියල් 70ක් සම්බා වී කිලෝවක් රුපියල් 90ක් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 112ක් දක්වා වී මිල ඉහළ නැග ඇතැයිද ඒ මහතා පවසනවා

ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී සහල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බවද රංජිත් මහතා සඳහන් කරනවා

Share This