ස්ලික්නා අවෝඩ්ස් 2024 සම්මාන උළෙලේදී ඊ බී සී මාධ්‍ය ජාලයට සම්මාන ත්‍රිත්වය

ස්ලික්නා අවෝඩ්ස් 2024 සම්මාන උළෙලේදී ඊ බී සී මාධ්‍ය ජාලයට සම්මාන ත්‍රිත්වය

ශ්‍රී ලංකා දැඩිසත්කාරක ඒකක හෙද නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ස්ලික්නා අවෝඩ්ස් 2024 සම්මාන ප්‍රදානෝත්සවයේදී ඊ බී සී මාධ්‍ය ජාලය සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබුවා.

ඒ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා සිදුකළ මාධ්‍ය මෙහෙවර උදෙසායි.

ශ්‍රී ලංකා දැඩිසත්කාර ඒකක හෙද නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ස්ලික්නා අවෝඩ්ස් 2024 මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා.

එහිදී රන් එෆ් එම් නාලිකාවේ විකාෂය කෙරුණු සුවදිවිය වැඩසටහන 2024 වසරේ හොඳම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම මෙම වැඩසටහන මෙහෙයවන නලීන් රාජපක්ෂ 2024 වසරේ හොඳම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන මෙහෙයවන්නා ලෙස මෙහිදී සම්මාන ලැබුවා.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අත්වැල් සපයන මාධ්‍ය ජාලයක් ලෙස 2024 වසරේ හොඳම සෞඛ්‍ය ප්‍රවර්ධන මාධ්‍ය ජාලයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමටද රන් එෆ් එම්, ශ්‍රී එෆ් එම් සහ ස්වර්ණවාහිනි ප්‍රමුඛ ඊ.බී.සී. මාධ්‍ය ජාලය සමත් වුණා.

 

Share This