ස්වීඩනයේ ඝාතන වැඩිවීමෙන් පසු එරට අගමැති හමුදා ප්‍රධානියා කැඳවයි

ස්වීඩනයේ ඝාතන වැඩිවීමෙන් පසු එරට අගමැති හමුදා ප්‍රධානියා කැඳවයි

සමූහ ඝාතනවල වැඩිවීමක් මැඩපැවැත්වීම සඳහා ස්වීඩනයේ අගමැති සන්නද්ධ හමුදා ප්‍රධානියා කැඳවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව මොවුන් දෙදෙනා සහ එරට පොලිස් ප්‍රධානියාද හමුවී ඝාතන මැඩපැවැත්වීම සඳහා හමුදාවට ඉටු කළ හැකි කාර්යභාරය ගැන සාකච්ඡා කරනු ඇති

ස්ටොක්හෝම් හිදී මිනිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ අගනුවරට උතුරින් පිහිටි නගරයක නිවසක සිදුවූ පිපිරීමකින් 25 හැවිරිදි කාන්තාවක් මියයාමෙන් පසු ඝාතන මැඩපැවැත්වීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා

සන්නද්ධ හමුදා ප්‍රධානී මයිකල් බයිඩන් ස්වීඩන් පුවත්පතක් වන Dagens Nyheter වෙත පවසා තිබෙන්නේ පොලිස් ප්‍රයත්නයන්ට සහාය වීමට තමා සූදානම් බවයි.

හමුදාවට මැදිහත් විය හැක්කේ කෙසේද යන්න නිශ්චිතවම පැහැදිලි නැති නමුත් පෙර සාකච්ඡාවලින් පෙනී යන්නේ සොල්දාදුවන් අපරාධ මර්දනය සඳහා පොලිසියට පැවරී ඇති ඇතැම් රාජකාරි භාර ගත හැකි බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ මාසයේ මේ දක්වා, කල්ලි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ

Share This