ස්වීඩනයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ආරක්ෂාව දැඩි කරයි

ස්වීඩනයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ආරක්ෂාව දැඩි කරයි

ස්වීඩනයේ ස්ටොක්හෝම්හි ඊශ්‍රායල තානාපති කාර්යාලයෙන් පිටත තිබී සොයාගත් පුපුරා යා හැකි බවට විශ්වාස කෙරූ උපකරණයක් විනාශ කර ඇති බව එරට පොලිසිය පවසනවා

මෙම සිදුවීම ඊශ්‍රායල තානාපතිවරයා විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමක් ලෙසටයි හඳුන්වා ඇත්තේ

නිලධාරීන් ඒ අසල පුළුල් ප්‍රදේශයක ආරක්ෂාව තර කර ඇති බවද සඳහන්

එරට පොලිසිය BBC පුවත් සේවයට පවසා ඇත්තේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා දීමට තවම කල් වැඩි බවයි.

කිසිවෙකුටත් තුවාල සිදුවී නැතැයිද සඳහන්

ස්වීඩනයේ ජාතික බෝම්බ ප්‍රහාරක ඒකකය විසින් එම උපකරණය විනාශ කිරීමට තීරණය කළ බවද පැවසෙනවා

ස්වීඩන් අගමැති Ulf Kristersson පවසා ඇත්තේ තත්ත්වය ඉතා බරපතළ බවත් මේ පිළිබඳව විමර්ශනය කරන බවත්ය.

තානාපති කාර්යාලයේ සහ යුදෙව් ආයතනවල නිරීක්ෂණ දැඩි කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

Share This