සැප්තැම්බර් මාසය 2023 වසරේ උණුසුම අධිකම මාසය ලෙසින් වාර්තාවක්

සැප්තැම්බර් මාසය 2023 වසරේ උණුසුම අධිකම මාසය ලෙසින් වාර්තාවක්

උතුරු අර්ධගෝලයේ මේ වනවිට වර්ෂාව පැවතියද ගෙවී ගිය සැප්තැම්බර් මාසය වසරේ උණුසුම අධිකම මාසය ලෙස වාර්තා වී තිබෙනවා.

එමෙන්ම 2023 වර්ෂය වාර්තාගත ලෙස ඉතිහාසයේ උණුසුම අධිකම වසරද වනවා.

සැප්තැම්බරයේ නිරීක්ෂණය කරන ලද දත්තවලට අනුව වසරේ ගෙවී ගිය කාල සීමාව තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි Copernicus දේශගුණික විපර්යාස සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Samantha Burgess පෙන්වා දෙන්නේ.

සැප්තැම්බර් මාසයේදී පමණක් ලිබියාවේ දහස් ගණනක් සහ ග්‍රීසිය, බල්ගේරියාව සහ තුර්කිය හරහා දහස් ගණනක් මිය ගිය විනාශකාරී ගංවතුර ඇති වූ අතර කැනඩාව එහි පෙර නොවූ විරූ ලැව්ගිනි සමයක් සමග පොරබදමින් සිටියා.

එමෙන්ම දකුණු ඇමරිකාවේ සමහර ප්‍රදේශ වාර්තාගත ලෙස උණුසුම් වූ අතර තවත් කොටසකට වර්ෂාපතනයෙන් පීඩා විඳීමට සිදුවුණා.

සැප්තැම්බර් මාසයේදී සාගර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20.92 කරා ළඟා වී තිබෙනවා.

ලොව රටවල් කිහිපයකට වැසි ඇති වුවත් ඔක්තෝම්බර් මාසයේදී පවා උණුසුම අඩු වන ලකුණු අවම බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ස්පාඤ්ඤය, පෝලන්තය, ඔස්ට්‍රියාව සහ ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් දැනටමත් ඔවුන්ගේ ඔක්තෝම්බර් උෂ්ණත්ව වාර්තා බිඳ දමා තිබෙන බවයි දේශගුණ විද්‍යාඥ Maximiliano Herrera සඳහන් කරන්නේ.

ෆොසිල ඉන්ධන දහනය කිරීම නතර කර නැති නිසා උෂ්ණත්ව වාර්තා අඛණ්ඩව ඉහළ යන අතර එය අවම කිරීමට කටයුතු කළ යුතු බවයි බ්‍රිතාන්‍යයේ දේශගුණික විපර්යාස සහ පරිසරය සඳහා වන Grantham ආයතනයේ දේශගුණ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Friederike Otto පවසන්නේ.

Share This