සෑම පැය 03කට වරක්ම අනතුරුවලින් පුද්ගලයින් 04 දෙනෙකුට දිවි අහිමි වෙයි

සෑම පැය 03කට වරක්ම අනතුරුවලින් පුද්ගලයින් 04 දෙනෙකුට දිවි අහිමි වෙයි

සෑම පැය 03කට වරක්ම ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකුට අනතුරු හේතුවෙන් දිවි අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ අදින් ඇරඹෙන 09 වන ජාතික අනතුරු නිවාරණ සතියට සමගාමීව අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්

එමෙන්ම, මෙරට අනතුරු හේතුවෙන් දිනකට 32 – 35 අතර ප්‍රමාණයක් මිය යන බවද ඔහු මෙහිදී පැවසුවා.

ලංකාවේ රජයේ රෝහල්වලට වැඩිපුරම නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන්නේ අනතුරු හේතුවෙන් බවත් එම ප්‍රමාණය දළ වශයෙන් අවුරුද්දකට මිලියනයකට වැඩි බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා

ඒ අනුව අනතුරු හේතුවෙන් වසරකට මරණ 10,000ක් 12,000ක් පමණ සිදුවන බවද මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා

Share This