සිඩ්නි නුවර ගෙවත්තකින් විෂ සහිත සර්පයන් 102ක් සොයා ගැනේ

සිඩ්නි නුවර ගෙවත්තකින් විෂ සහිත සර්පයන් 102ක් සොයා ගැනේ

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගෙවත්තකින් විෂ සහිත සර්පයන් 102ක් හමුව තිබෙනවා

එම ගෙවත්තේ සිටි සුනඛයෙකුට සර්පයෙක් දෂ්ට කළ බවට වාර්තා වීමෙන් අනතුරුව සිදු කළ සොයා බැලීමේදී මෙම සර්පයන් සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එහිදී වැඩිහිටි සර්පයන් 05 දෙනෙක් සහ පැටවුන් 97 දෙනෙකු සොයා ගෙන ඇති අතර සර්පයන් ජාතික වනෝද්‍යානයකට මුදා හැරීමට නියමිතයි

රතු පැහැති ගෙලක් සහිත කළු සර්පයන් ඕස්ට්‍රේලියාවේ බහුලව දක්නට ලැබෙන අතර විෂ සහිත සර්ප විශේෂයක් වන බව සඳහන්

Share This