සිම්බාබ්වේ කැබිනට් මණ්ඩලය මරණ දණ්ඩනය අහෝසි කිරීමට සහාය දක්වයි

සිම්බාබ්වේ කැබිනට් මණ්ඩලය මරණ දණ්ඩනය අහෝසි කිරීමට සහාය දක්වයි

සිම්බාබ්වේ කැබිනට් මණ්ඩලය මරණීය දණ්ඩනය අවසන් කිරීම සඳහා යෝජිත නීති සම්පාදනයට සහාය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එය දකුණු අප්‍රිකානු රටෙහි මරණ දඬුවම අහෝසි කිරීමේ ප්‍රධාන කරුණක් ලෙසයි සනිටුහන් කරන්නේ .

ප්‍රවෘත්ති අමාත්‍ය Jenfan Muswere ප්‍රකාශ කර තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ තීරණය රටපුරා පැවති උපදේශනයෙන් පසුව ගත් බවයි.

පාර්ලිමේන්තුව විසින් පනත් කෙටුම්පත අනුමත කළහොත් උපරිම දඬුවම ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ජනාධිපති Emmerson Mnangagwa මීට පෙර මරණ දඬුවම විවේචනය කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා

Share This