සියම් දහම් පාද යාත්‍රාව අද 18 වැනි දිනට නුගේගොඩ ශ්‍රී විජයාරාම රජ මහා විහාරයට

සියම් දහම් පාද යාත්‍රාව අද 18 වැනි දිනට නුගේගොඩ ශ්‍රී විජයාරාම රජ මහා විහාරයට

සියම් දහම් පාද යාත්‍රාව අද 18 වැනි දිනටත් වීථි සංචාරය කළා.

පාහියන් බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වයෙන් පැවැත්වෙන එකී විසල් පාද යාත්‍රාව උදෙසා බැතිබර මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.

සිරිලක බෞද්ධ සැදැහැතියන්ට ප්‍රතිපත්ති පූජාවෙන් මහත් පින් ලැබ ගන්නට අවස්ථාව සලසන සියම් දහම් පාද යාත්‍රාව අද උදෑසන මොරටුව වාලූකාරාම මහා විහාරයෙන් ගමන් ආරම්භ කළ අතර අද පස්වරුව වන විට දිනයේ ගමනාන්තය වූ නුගේගොඩ ශ්‍රී විජයාරාම රජ මහා විහාරය වෙත සපැමිණියා.

හෙට උදෑසන නුගේගොඩ ශ්‍රී විජයාරාම රාජ මහා විහාරයෙන් ගමන් අරඹන සියම් දහම් පාද යාත්‍රාව ගමනාන්තය වන අංගොඩ මණඩාවිල අභය සුමනාරාමය දක්වා පැමිණීමට නියමිතයි.

 

Share This