සියම් දහම් පාද යාත්‍රාව ගමන් අරඹා අදට දින 10 යි

සියම් දහම් පාද යාත්‍රාව ගමන් අරඹා අදට දින 10 යි

ස්වර්ණ වර්ණ පොසොන් සැමරුම සහ සියම් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් හි හැත්තෑ වසරක අභිමානය වෙනුවෙන් සංවිධාන කෙරෙන සියම් දහම් පාද යාත්‍රාව අද දසවන දිනටත් වීථි සංචාරය කෙරෙනවා.

පාහියන් බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වයෙන් පැවැත්වෙන එකී විසල් පාද යාත්‍රාව උදෙසා බැතිබර මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.

සිරිලක බෞද්ධ සැදැහැතියන්ට ප්‍රතිපත්ති පූජාවෙන් මහත් පින් ලැබ ගන්නට ඉවහල් වන සියම් දහම් පාද යාත්‍රාව දසවන දිනට අද උදෑසන කඹුරුගමුව දේවගිරි පිරිවෙනින් මෙලෙස ගමන් ආරම්භ කෙරුණා.

එලෙස ගමන් ඇරඹි සියම් දහම් පාද යාත්‍රාව අද පස්වරුවේ අද දිනට ගමනාන්තය වන අහංගම ජයසුමනාරාමය දක්වා පැමිණෙනු ඇති.

දසවැනි දිනට අද උදෑසන කඹුරුගමුව දේවගිරි පිරිවෙනින් මෙලෙස ගමන් ආරම්භ කළා

අද දිනට ගමනාන්තය වන අහංගම ජයසුමනාරාමය දක්වා පැමිණෙනු ඇති.

ආශීර්වාද ලැබගන්නටත් පහන් සිතින් එක්වන්නට සැදැහැති ඔබ සැමට බැතිබර ආරාධනා.

 

Share This