
සියයට 20ක නව තීරුබදු අද (07) සිට ක්රියාත්මකයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ මෙරටට පනවා ඇති සියයට 20ක නව තීරුබදු අද (07) සිට ක්රියාත්මක වෙනවා.
ඒ අනුව අමෙරිකාව විසින් මෙරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 20ක තීරුබද්දක් අද සිට අයකෙරෙනවා.
අමෙරිකාව භාන්ඩ ආනයනය කරනු ලබන රටවල් සඳහා නව තීරුබදු හඳුන්වාදුන් අතර එය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් සහනයක් ලබාගැනීම සඳහා ශ්රී ලංකා රජය අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කළා.
ඉන් අන්තුරුව අවසන් වශයෙන් අද සිට මෙම නව බදු ප්රතිශතය ක්රියාත්මක වෙනවා.