සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්

සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්

යුද ටැංකි යොදා ගනිමින් උතුරු ගාසා තීරයේ ඉලක්කගත වැටලීමක් සිදු කළ බව ඊශ‍්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා

මෙම ප්‍රහාර ත්‍රස්තවාදී සෛල, යටිතල පහසුකම් සහ ටැංකි නාශක මිසයිල දියත් කිරීමේ ස්ථාන වෙත පහර දී ඇති බවයි සඳහන් වන්නේ

ඊශ්‍රායලය ගාසා තීරයේ භූමි ආක්‍රමණයකට සූදානම් වෙමින් සිටින බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු යළිත් අවධාරණය කර ඇති අතර එම ප්‍රහාර එල්ල කරන කාල වකවානු පිළිබඳ කිසිදු විස්තරයක් තවමත් පවසා නැහැ

ගාසා තීරයේ ඉදිරි පැය කිහිපය තුළ ඉන්ධන අවසන් විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අතර රෝහල් දැන් හදිසි අවස්ථා වෙනුවෙන් පමණක් කටයුතු කරන බවට අනතුරු අඟවා තිබෙනවා .

හදිසි මානුෂීය ආධාර සම්මත කිරීමට පහසුකම් සැලසීම සඳහා වත්මන් සටනේ විරාමයක් ලබාගැනීම සඳහා අද දින යුරෝපා සංගම් නායකයින් ඉල්ලා සිටිනු ඇතැයිද අපේක්ෂා කෙරෙනවා .

මේ අතර සියලුම ප්‍රාණ ඇපකරුවන් වෛද්‍ය හේතු මත නිදහස් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හමාස් සංවිධානයෙන් ඉල්ලා තිබෙනවා

 

 

Share This