සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

සියෙරා ලියෝන් (Sierra Leone) රාජ්‍යයට ඇඳිරිනීතිය පනවා තිබෙනවා

ආයුධ සන්නද්ධ පිරිස් බන්ධනාගාරයකට කඩා වැදී රැඳවියන් නිදහස් කිරීම හේතුවෙන් මෙලෙස රටපුරා ඇඳිරි නීතිය පනවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

කෙසේ වෙතත් මධ්‍යම පඩෙම්බ පාර (Central Pademba Road) බන්ධනාගාරයෙන් රැඳවියන් කොපමණ පිරිසක් පිටතට පැමිණියේද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බව ද එම වාර්තාවල දැක්වෙනවා

එමෙන්ම මෙම පිරිස් හමුදා මාර්ග බාධකවලට ප්‍රහාර එල්ල කර ඇති බව ද සඳහන්

එරට ජනාධිපති ජුලියස් මාඩා බයෝ (Julius Maada Bio) පවසා ඇත්තේ ආයුධ සන්නද්ධ සියලු දෙනා සොයා මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

Share This