සිරගතව සිටින ඉම්රාන් ඛාන් ඉදිරියෙන්

සිරගතව සිටින ඉම්රාන් ඛාන් ඉදිරියෙන්

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් බ්‍රහස්පතින්දා(08) පැවති මහ මැතිවරණ ප්‍රතිඵලවලින් ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉම්රාන් ඛාන් විසින් ඔහු දැනටමත් ජයග්‍රහණය කරඇති බව ප්‍රකාශ කර ඇති අතර එය සමරන ලෙස ඔහුගේ සහයකයින්ට දැනුම් දී තිබෙනවා.

ඔහුට සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයින් මේ වන විට ආසන වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති අතර බහුතර ආසන සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එහෙත් තවත් හිටපු අගමැතිවරයෙකු වන නවාස් ෂරීෆ් පවසන්නේ තම පක්ෂය බහුතර අසන සංඛ්‍යාවක් ලබා ඇති බවත් තමන් සමග සන්ධානයට එක්වන ලෙස අන් අයගෙන් ඉල්ලා සිටින බවත්ය.

කෙසේ වෙතත් සමස්ත බහුතරයක් දිනා ගැනීමට කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් සමත් වී ඇද්ද යන්න පිළිබඳව තම නිගමනයකට එළඹිය නොහැකි අතර අවසන් ප්‍රතිඵල තවම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

Share This