සිරි දළදා වන්දනාව වාර්ෂිකව (VIDEO)

සිරි දළදා වන්දනාව වාර්ෂිකව (VIDEO)

සිරි දළදා වන්දනාව වාර්ෂිකව සංවිධාන කරන ලෙස මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් මෙන්ම දියවඩන නිලමේවරයාගෙන්ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා ඉල්ලීමක් කරනවා.

බලාපොරොත්තු වූවාට වඩා අතිවිශාල ජනතාවක් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණීම නිසා ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවූ බවයි ආණ්ඩුකාරවරයා පවසන්නේ.

මේ වන විටත් දළදා හාමුදුරුවෝ දැක වැඳ පුදා ගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත විශාල බැතිමතුන් පිරිසක් මහනුවර නගරයේ හා පෝලිම්වල සිටින බව පවසන ආණ්ඩුකාරවරයා පැවසුවේ ඊට අමතරව දළදා දැක්ම පැවැත්වෙන දින වකවානු දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවයි.

Share This