සිරියාවේ ඩැමස්කස් ගුවන් තොටුපළ යළි වැසේ

සිරියාවේ ඩැමස්කස් ගුවන් තොටුපළ යළි වැසේ

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සිරියාවේ ඩැමස්කස් ගුවන් තොටුපළේ සේවකයින් නැවත ඉවත් කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඊශ්‍රායලය ගෝලාන් කඳුකරයේ දිශාවෙන් එම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි

එමෙන්ම ඩමස්කස් හි මැසේ ප්‍රදේශයේ පිහිටි හමුදා ගුවන් තොටුපළකට ද ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්

කෙසේ වෙතත් පසුගිය මාසයේ මෙවැනිම ප්‍රහාරයකින් පසු ගුවන් ගමන් යළි ආරම්භ වී පැය කිහිපයකට පසුවයි යළිත් මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ

මැසේ ප්‍රදේශයේ ගුවන් ආරක්ෂක හමුදා කඳවුර ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා

Share This